උප සභාපතිතුමාගේ පණිවිඩය

සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවටම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් හිමිකරදීම ජාතික ප්‍රතිපත්තියක්ව ක්‍රියාත්මක වන කාල පරාසයක මහර ආසනයේ ජනතාවට වඩාත්ම සමීපම පරිපාලන ආයතනයේ වගකීම්, ගරු සභාපති අතුල කලුආරච්චි මහතා හා අපගේ මන්ත්‍රී කණ්ඩායම සමගින් දරන්නට ලැබීම දීර්ඝ කාලීනව අප දුටු ආර්ථික සමාජීය හා දේශපාලන පරිවර්ථනයේ අප විසින් ඉටුකළ යුතු කොටස සපුරා ගැනීමට ලද මහඟු අවස්ථාවක් ලෙස සලකමි.
පුද්ගල නාම හා තනතුරු වශයෙන් කෙසේ අපව නිර්වචනය වුවද , ඒ සෑම නාමකරණයක් යටම රැඳී සිටින්නේ ලස්සන ජීවිතයක බලාපොරොතු පෙර දැඩි කරගත් මවක් , පියෙක් , බිරිදක් ,සැමියෙක් නැතිනම් අපේම සොයුරෙක් හෝ සොයුරියක් ය.
කිසිවක්ම නොදැන අද දවසේ මේ මොහොතේ ද මෙලොව එළිය දකින පුංචි බිලිඳාගේ පටන් යෞවනත්වය හරහා වයසින් මුහුකුරා ගිය අපගේ ආදරණීය වැඩිහිටි පරම්පරාව දක්වා අදට වඩා සුන්දර සුවදායී ජිවිතයකට හිමිකම් කිව යුතුවම ඇත.
එකී විශ්වාසය පෙරදැරිව මහර ප්‍රාදේශීය සභාවෙන් ඉටු විය යුතු යුතුකම් සහ වගකීම් අපට කල හැකි උපරිමයෙන් වඩා කාර්යක්ෂමව සහ නිරවුල්ව මෙහෙයවීමට අවශ්‍ය දැනුම ,ශක්තිය ආකල්ප සහ පරිපාලන කුසලතාවයෙන් හෙබි දේශපාලන නායකත්වයක් සහ ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලයක් සිටීම ඒ සඳහා අප ලද විශේෂ අවස්ථාවක් යන විශ්වාසනීය හැඟීම මා තුල ඇත.
නාගරික අර්ධ නාගරික සහ ග්‍රාමීය අපූරු පරිසර පද්ධතීන්ගෙන්ද, ඓතිහාසික වටිනාකමක් ඇති සුවිශේෂී ස්ථානයන්ගෙන්ද, එක්ව බැඳුණු මනුෂීය සහකම්පනයකින් යුත් විවිධ ජන කොටස් වලින්ද වර්ණ ගැන්වුණු "අපේ මහර" වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම අපේ යැයි හැඟෙන දිශානතියකට කැඳවා ගෙන යන්නට අපහා එක් වෙන මෙන් මහර ආසනයේ ආදරණීය ජනතාවගෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ, ඔබට අපට එය එක්ව කළ හැකි යැයි හදවතේ ඇති දැඩි විශ්වාසයෙන්ය.
ආකල්පමය ජවය සියල්ල වෙනස් කරනු ඇත.
රසික ඩී දුමින්ද
උප සභාපති
මහර ප්‍රාදේශීය සභාව.
2025.06.10